23.4 C
Colombo
Thursday, November 27, 2025

පොහොට්ටුවේ පෙති ගැලවෙයි…

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ අභ්‍යන්තරයෙන් මේ වනවිට ‘තුනට කැඩී’ ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
ඔහු සඳහන් කර සිටියේ පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාගේ කණ්ඩායම සහ නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායම යනුවෙන් කොටස් 02ක් නිර්මාණය වී ඇති අතර, ඊට අමතරව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිස වෙනම කණ්ඩායමක් ලෙස එක්ව ඇති බවයි. එහිදී සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය.

මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

කෙසේ වුවද මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රසන්න රණතුංග යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් වෙන්ව කටයුතු කිරීමට මේ වනවිට පෙළඹී ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී ඔවුන් ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img