23.4 C
Colombo
Thursday, November 27, 2025

මෙම සතිය තුළ කෙසේ හෝ පාන් මිළ අඩු කරනවා…

Published:

තිරිගු පිටි මිල පහළ යාමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල මෙම සතිය තුළ අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ තිරිගු පිටි මිල පහළ යාමේ වාසිය කෙසේ හෝ ජනතාව වෙත ලබාදීමට අමාත්‍යංශය කටයුතු කරන බවයි.

කෙසේවෙතත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ ආනයනික තිරිගු පිටි මිල රුපියල් 200ක් දක්වා අඩුවුවද, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට නොහැකි බවයි.

එහි සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නම් මෙරට තිරිගු පිටි නිෂ්පාදන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම්වල පිටිමිල අඩුකළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img