27.2 C
Colombo
Friday, August 22, 2025

බොරිස් ජොන්සන් සටන අත්හරී…

Published:

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත් වී තිබෙනවා. ඒ එම පක්ෂයෙන්ම නායකත්ව සටනට ඉදිරිපත්ව සිටින ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක්ට අවස්ථාව ලබා දෙමින්.

තමන්ට කන්සර්වේටිව් පක්ෂය තුළ බහුතරයක් ඇති නමුත් මෙම අවස්ථාවේ නායකත්වය හෝ අග්‍රාමාත්‍යධූරය වෙනුවෙන් තරග කිරීම සුදුසු නොවන බව ජොන්සන් පවසා තිබෙනවා. කන්සර්වේටිව් පක්ෂයේ නායකයා වී අග්‍රාමාත්‍යධූරය ලබා ගැනිමට නම් අපේක්ෂකයෙකුට අවම වශයෙන් පක්ෂයේ මන්ත්‍රීවරු 100 දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වනවා.

මෙවර අවස්ථාව අතහැරිය ද බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ මීළග මහ මැතිවරණය පිලිබද අපේක්ෂාවෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යය භාරය සම්බන්ධයෙන් ඔහුට කෘතඥ වන බව රිෂී සුනක් පවසනවා. බොරිස් ජොන්සන් නායකත්වය සටන අතහැරීම හමුවේ රිෂී සුනක් බ්‍රිතාන්‍යයේ මීළග අග්‍රාමාත්‍යවරයා වනු ඇති බවටයි මේවනවිට මත පළ වන්නේ.

ඔහුට කන්සර්වේටිව් පක්ෂයේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය පරිදි මන්ත්‍රීවරුන්ගේ සහය පවතින බව ද වාර්තා වනවා. එහෙත් ජාත්‍යන්තර විචාරකයන් මේවනවිට සැක පළ කරන්නේ බොරිස් ජොන්සන් පක්ෂය තුළ බෙදීමක් ඇති කරයිද යන්න පිළිබඳවයි.

බ්‍රිතාන්‍යයේ හිටපු චාන්සලර්වරයෙකු වන රිෂී සුනක් ධනවත් ව්‍යාපාරිකයෙකු ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img