23.4 C
Colombo
Thursday, November 27, 2025

ක්‍රිකට් ක්‍රීඩාව කුරිරු හා අසාධාරණ විය හැකිය…

Published:

ඉන්දියාව හමුවේ කඩුලු හතරක පරාජයක් ලැබූව ද පාකිස්ථාන කණ්ඩායම දැක්වූ විශිෂ්ඨ දක්ෂතා පිළිබඳව තමන් සතුටුවන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමීෂ් රාජා සඳහන් කරනවා.

එමෙන්ම “ඔබ දෙයක් දිනන විට ඔබට දෙයක් අහිමි වන අතර, අපි කවුරුත් දන්නා පරිදි මෙම ක්‍රීඩාව ‘කුරිරු සහ අසාධාරණ’ විය හැකියි” යනුවෙන් රමීෂ් රාජා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර තිබුණා.

මේ අතර සුපිරි 12 වටයේ ඉන්දියාව ඊයේ ලැබූ තියුණු ජයත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු විශාල පිරිසකගෙන් සුබ පැතුම් ගලා එන්නට වුණා.

සුපිරි පිතිකරු විරාත් කෝලිගේ සහ හර්දික් පාණ්ඩ්‍යාගේ අඟනා සබඳතාවයෙන් පාකිස්ථානය දෙසට දෝලනය වූ ජයක් තමන් දෙසට හරවා ගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සහභාගී වූ පළමු තරගය මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,477FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img