23.4 C
Colombo
Thursday, November 27, 2025

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව මැතිවරණ කොමිසමේ විශේෂ ප්‍රකාශය…

Published:

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එම කොමිසම සඳහන් කරන්නේ අධිකරණ තීන්දුවකින් හැර වෙනත් ක්‍රමවේදයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නො හැකි බවයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ හැකියාවක් හිමිවන්නේ නැහැ.

ඒ, අනුව මෙම නව නීතියත් සමඟ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දස දෙනකුගේ පමණ මන්ත්‍රී ධුරයන් අහෝසි වීම අවස්ථාව පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් කිසියම් පුද්ගලයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටින්නේ.

එමෙන්ම මැතිවරණ නාම යෝජනා භාරගැනීමේ දී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන අතර, යම් පාර්ශ්වයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ හොත් පමණක් අවශ්‍ය ක්‍රියමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිසම දන්වා සිටිනවා.

තමන් ද්විත්ව පුරවැසියෙකු නම් වහාම මන්ත්‍රීධුරයෙන් ඉවත් වීම බව එම අවස්ථාවේ දී සිදුකළ යුතු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img