22.8 C
Colombo
Monday, January 19, 2026

සුළි කුණාටුවක අවධානමක් – ධීවරයින්ට කාලගුණයෙන් රතු එළි…

Published:

බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක අවධානමක් – ධීවරයින්ට කාලගුණයෙන් රතු එළි…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආසන්නයේ ස්ථානගතව පවතින බවයි. ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 12 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 ත් 100 ත් අතර මුහුදු ප්‍රදේශයට මේ මස 25 වනදා දක්වා යාත්‍රා නොකරන ලෙසයි නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මේ අතර අද රාත්‍රී කාලයේ ද බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img