24.5 C
Colombo
Thursday, November 27, 2025

තුන්වන වතාවටත් ජනපති- ෂී ජින්පින්…

Published:

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) මධ්‍යම කාරක සභාව, රට තීරණාත්මක ලෙස ඒක පුද්ගල පාලනයක් වෙතට නැඹුරු කරමින්,වසර පහක ධුර කාලයක් සඳහා ෂී එහි ප්‍රධාන ලේකම් ලෙස තොරා පත්කර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන රජයේ වාර්ෂික ව්‍යවස්ථාදායක සැසිවාරයේදී විධිමත් ලෙස චීනයේ ජනාධිපති ලෙස තුන්වන වරටත් ෂී ජින්පින් ප්‍රකාශයට පත් කරනු ඇත. මේ වන විට ඔහු මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙස ද ඉදිරියට යනු ඇති බව නිවේදනය කර ඇති අතර එයින් අදහස් වන්නේ ඔහු චීනයේ මහජන විමුක්ති හමුදාව භාර අණදෙන නිලධාරියා වනු ඇති බවයි.

මෙ වන විට 24 දෙනෙකුගෙන් යුත් කාරක සභාවක් පත් කර ඇති අතර ඒ සියලුම නිලධාරීන් ෂී ජින්පින්ට හිතෛශීන් ලෙස සඳහන් වේ. මෙහි කිසිදු කාන්තා නියෝජනයක් නොමැති අතර මෙමඟින් චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන සමාජයේ දැඩි පීතෘමූලික ස්වභාවය වඩාත් පුළුල් ලෙස පිළිඹිබු කරයි.

වොෂින්ටනයේ ඇමරිකානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යැං ෂැංග් මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙය ඉතා කණගාටුදායක සහ කම්පන සහගත වැඩපිළිවෙළක් බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img