24.5 C
Colombo
Thursday, November 27, 2025

හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වැසේ…

Published:

දීපවාලී දිනය නිමිත්තෙන් හෙට (24) නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු සුරාසැල් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ද මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් ප්‍රදේශවල සියලු සුරාසැල් වසාතැබෙන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

මේ අතර, දීපවාලී දිනය නිමිත්තෙන් හෙට දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img