25 C
Colombo
Thursday, November 27, 2025

ඩෙංගු රොගීන් වාර්තාගත ලෙස ඉහළට…

Published:

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වසරේ ගතවූ මාස 08 තුළ වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉකුත් වසරේ වාර්තාවූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් අධිකයි.

මෙම වසරේ ගත වූ සති 40ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 59,317 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු පාලන මධ්‍යස්ථානය පවසන්නේ. එහෙත් 2021 වසරේ පළමු සති 40 තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 19,912 දෙනෙකු පමණයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පැවසුවේ. 2021 සම්පූර්ණ වසර තුළදී වාර්තාවී තිබුණේ ඩෙංගු රෝගීන් 25,067 දෙනෙකු පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img