25 C
Colombo
Thursday, November 27, 2025

රාජපක්ෂ කළකිරෙයි…

Published:

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී “the morning” දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය.

ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය.

ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලිගේ නඩුව ඉකුත් බදාදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර “the morning” ඉංග්‍රීසි පුවත්පත ඊයේ ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළේය.

ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ,

“දින 3කට කලින් උදේ පත්තර කියවන මාධ්‍යවේදියෙක් පත්තරේ කුඩා කොටසක් කියවලා ලොකු විග්‍රහයක් කරනවා. ඒ ගැන මන්ත්‍රිවරු පෙන්නලා දුන්නා. පාර්ලිමේන්තුවේ 225 ම හොරු කියනවා. මන්ත්‍රිවරු කෙරෙහි වෛරයක් ඇති කරනවා. මන්ත්‍රිවරු 10 ක් 15 ක් නොගැළපෙන විදිහට දඟලනවා.. කතා කරනවා කියලා අපි පිළිගන්නවා. 225 ම එක මල්ලකට දාලා ඔක්කොම හොරු කියලා පත්තර මල්ලිලා උදේට කියවගෙන යනවා. මේ නිසා අවංක මන්ත්‍රිවරයෙකුගේ දරුවෙකුට පාසලකට යන්න බැහැ. තාත්තා හොරෙක්ද අහනවා. මේ තත්ත්වය ඇති කළේ ජනමාධ්‍යවේදීන්. ඒ මාධ්‍ය ජාලයේම ‘The Morning’ පුවත්පත.. තිළිණිට මගේ නීතිඥවරු පෙනී ඉන්නවා කියනවා. ඇමතිකමෙන් අස්වෙන්නලු නැත්නම් නඩුවෙන් ඉවත් වෙන්නලු. මම අමාත්‍ය ධුරය භාරගත්ත දවසේ සිට මට නීතිඥ කාර්යාලයක් නැහැ. නමුත් මගේ කණිෂ්ට නීතිඥවරු 250කට වැඩිය අධිකරණවල ඉන්නවා. මගේ සම්බන්ධයක් නැතුව මගේ කණිෂ්ට නීතිඥවරු නඩුවක ඉන්නවා කියලා ‘The Morning’ පුවත්පත නඩු තීන්දුවක් දෙනවා..”

“මේකට ආවරණයක් අරගෙන.. මෛත්‍රී ගුණරත්න අධිකරණයේ කිව්වා කියනවා.. මං ඒ ගැන සොයා බැලුවා. ඔහු කිසිම දෙයක් ඒ ගැන කිව්වේ නැහැ කිව්වා. මෙය අවුරුදු දෙකක සිරදඬුවමක් දෙන්න පුළුවන් වරදක්.” 

කෙසේවෙතත් විත්තිකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතීඥයින් ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ ඇතුළු නීතීඥ මණ්ඩලයක් ද පෙනී සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,476FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img