27.8 C
Colombo
Thursday, September 11, 2025

දූපතක වල දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩ ගැනේ…

Published:

යාපනය කරෙයිතීවූ දූපතේදී ඊයේ (20) දින සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී වෝටර් ජෙල් නැමති පුපුරණද්‍රව්‍ය කූරු 400 ක් වලදමා තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි. උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කරෙයිතිවු වෙරල තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී වෙරලේ සැකකටයුතු උරයක් දැක පරික්ෂා කිරීමේදී පොළව යට වලදමා තිබූ වෝටර් ජෙල් නැමති පුපුරණද්‍රව්‍ය කූරු තොගය සොයාගන්නා ලදි. මෙම පුපුරණද්‍රව්‍ය කවුරුන් විසින් එම ස්ථානයට රැනෙ ආවේදැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම මෙම ඔක්තෝම්බර් මස 05 සහ 07 යන දිනයන්හීද මෙම කරෙයිතිවූ දූපතේම සඟවා තිබූ වෝටර් ජෙල් කූරු 706 ක් නාවික හමුදාව විසින් සොයාගනු ලැබීය.

ධීවරයින් විසින් නීතිවිරෝධීව මසුන් ඇල්ලීමට යොදා ගැනීම සඳහා මෙම වෝටර් ජෙල් පුපුරණද්‍රව්‍ය තොගය මෙලෙස සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැකපල කරන අතරම මෙලෙස පුපුරණද්‍රව්‍ය යෙදීමෙන් සාගරික පරිසර පද්දතියට දැඩි හානියක් සිදුවන අතරම මත්ස්‍ය සම්පතද අහිමි වන බවට නාවික හමුදාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

නවික හමුදා භාරයට ගත් පුපුරණද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේම තබාගැනීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,157FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img