25 C
Colombo
Thursday, November 27, 2025

අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් මිලියන 10ක වන්දියක්…

Published:

ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කර තිබුණි.

ඝාතනයට ලක් වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“මිනී මැරෙනකොට හිනාවෙන්න පුලුවන්, ඒ වගේම මතක තියාගන්න මිනී මැරෙනකොට අඬන පිරිස වැඩියි කියලත්. ඒ නිසා තමයි ඝාතනයට ලක් වූ අපේ මන්ත්‍රීතුමා වෙනුවෙන්, මම අද කියන්නම් කැබිනට් මණ්ඩලය මිලියන 10 දක්වා වන්දිය ගෙවීමට තීරණය කළා ගිය සුමානේ. අපේ මන්ත්‍රීවරුන්ගේ ජන ජීවිතය ආරක්ෂා කරන්න ඒ වගේම අදාළ රාජ්‍ය සේවකයෙක් ජීවිතය පුජා කරනවා නම් අපි එතනට එන්න ඕනේ. අවම වශයෙන් ඒ තිබුණු නීති අපි වෙනස් කළා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,475FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img