27.8 C
Colombo
Thursday, September 11, 2025

ගුරු සේවයට එක්වීම කැමති රාජ්‍ය සේවකයින්ට අවස්ථාව දෙන්න – පාර්ලිමේන්තුව් දී ඉල්ලීමක්…

Published:

ගුරු සේවයට එක්වීමට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් සකස්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.

පාසල් රැසක ඉංග්‍රීසි මධ්‍යයේ ගුරුවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත්, රාජ්‍ය සේවයේ පිරිස් බඳවාගැනීමෙන් එම ගැටළුව ද විසඳෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත සඳහන් කළේ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මතු කළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

ලබන වසරේ ජනවාරි සිට ගුරුවරුන් පිරිසක් අලුතින් බඳවා ගැනීමට කටයුතු සිදුකරගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,157FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img