28.4 C
Colombo
Wednesday, September 10, 2025

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග කාල සටහන…

Published:

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමත් සමඟ එම වටයේ තරග පැවැත්වෙන දින පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ වටයේදී තරගාවලියට පිවිසෙන්නේ පළමු ඛාණ්ඩය යටතේය.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය පැවැත්වෙන්නේ 23 වන ඉරිදා දිනයේ ය.

එදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ මූලික වටයේ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිකරගන්නා කණ්ඩායමයි.

එම තරගය එදින Hobart ක්‍රීඩාංගනයේදී උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

අනතුරුව එළඹෙන 25 වනදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත.

එම තරගය Perth හිදී පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය 27 වනදා Sydney ක්‍රීඩාංගණයේදී පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

තරගය පැවැත්වෙන්නේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.

නොවැම්බර් 01 වනදා Brisbane හිදී ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය පැවැත්වෙන්නේ Brisbane හිදීය.

එම තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතරයි.

සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය නොවැම්බර් මස 05 වනදා පැවැත්වෙන්නේ එංගලන්ත කණ්ඩායම සමගය.

එය Sydney ක්‍රීඩාංගණයේදී එදින පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 09 වනදා පැවැත්වෙන අතර දෙවන අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 13 වන ඉරිදා දින පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,144FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img