27.2 C
Colombo
Friday, August 22, 2025

මහා බ්‍රිතාන්‍යයේ උද්ධමනය…

Published:

දරුණු ආර්ථික අර්බුදයක් අබියස පවතින බ්‍රිතාන්‍යයේ උද්ධමනය සියයට 10.1ක් ලෙස සටහන් ව තිබේ.

මෙය සැලකෙන්නේ ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය ද ලෙසය.

බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින අතර එය සටහන් වන්නේ ගෙවුණු වසර 40 තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාව ද ලෙසය.

මේ තත්ත්වය සඳහා ඉහළ යන ආහාර මිල වැඩි දායකත්වයක් සපයා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ලීස් ට්‍රස් අගමැතිනියගේ නව රජය සිදුකළ බදු කප්පාදුවත් සමග බ්‍රිතාන්‍ය ආර්ථිකය දැඩි අස්ථාවර භාවයකට පත්වූ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුමේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීමක් ද වාර්තා වුණි.

අනතුරුව සිය ප්‍රතිපත්ති හකුළා ගැනීමට ඇයට සිදුවූ අතර, විචල්‍ය ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකයට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි.

ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ, ඉදිරි මාස 6 තුළ බ්‍රිතාන්‍ය ජනගහනයෙන් අඩකගේ ආර්ථික තත්ත්වය පෙර පැවති තත්ත්වයට වඩා පහත වැටීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img