28.4 C
Colombo
Wednesday, September 10, 2025

පැතුම් නිශ්ශංකත් එළියෙ ද?…

Published:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවය.

මෙම අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ පන්දු රැකීම සඳහා ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු යොදවනු ලැබිණි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

මේ අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇත.

එසේම පාදයේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමිවිය.

දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,144FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img