28.4 C
Colombo
Wednesday, September 10, 2025

දුම්රිය මගීන්ට විශේෂ දැනුම් දීනක්…

Published:

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය.

කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය මාර්ග දුර්වල තත්ත්වයේ පැවතීම නිසා වේග සිමා ක්‍රියාත්මක කිරීමට සිදුවීම, දුම්රියවල ගමන් ගන්නා මගී ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් දුම්රිය ස්ථානයක නැවැත්වීමට ලබා දී ඇති කාලය ඉහළ යාම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හී ධාවන වේලාවන් අද දිනයේ සිට සංශෝධනය වන අතර මිනිත්තු 10ත් 15ත් අතර කාලයකින් ධාවන වේලාවන් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

මීට පෙර දුම්රිය ධාවනය වු වේලාවට මිනිත්තු 10කට හෝ 15කට පෙර නව සංශෝධිත දුම්රිය කාල සටහන අනුව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර ප්‍රගති සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී පස්වරුවේ ධාවනය වන කාර්යාල දුම්රිය කාල සටහන ද සංශෝධනය කිරීමට ද නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,144FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img