28.4 C
Colombo
Wednesday, September 10, 2025

22 ගැන විවාදය අදත් හෙටත්…

Published:

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (20) සහ හෙට (21) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම හෙට දිනයේ ද සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිත අතර විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට ද නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට දිනට පෙර අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අවසන් මතය ප්‍රකාශයට පත් කරනු ඇති බව එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,144FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img