30.6 C
Colombo
Wednesday, September 10, 2025

නීති සහය වෙනුවෙන් දුරකථන අංකයක්…

Published:

විමර්ශන මුවාවෙන් පොලීසියේ ඇතැම් නිලධාරීන් මාධ්‍යවේදීන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට එරෙහිව සිවිල් හා අපරාධ නඩු ගොනු කළ හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතීඥ සාලිය පිරීස් මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (18) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

මාධ්‍ය භාවිතයේදී පැන නැගෙන ගැටලු සම්බන්ධයෙන් නීති සහාය ලබාගැනීම සඳහා මාධ්‍ය නීතී සංසදය විසින් 0743 070 888 ක්ෂණික දුරකථන අංකය ඊයේ හඳුන්වා දුනි.

විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ක්‍රියාකාරීන්ටද එම දුරකථන අංකයෙන් නීතී සහාය ලබාගත හැකිය.

එම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේ,

“සමහරවිට අපිට ප්‍රායෝගිකව පොලීසිය විසින් පවත්වන විමර්ශනයකට විරුද්ධ වෙන්න බැහැ. නමුත් විමර්ශන වුණත් මම හිතන්නේ සාධාරණ වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට මාධ්‍යවේදීන්ව පොලීසියට විටින්විට කැඳවලා ප්‍රශ්න කරන එකත්. මම දකිනවා, අනවශ්‍ය ආකාරයෙන් කැඳවුවොත්, ප්‍රශ්න කළොත් මම හිතනවා ඒකත් අභියෝග කරන්න පුළුවන්. අපේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කල්පනා කරන්න ඕනේ. සිවිල් නඩු මාර්ගයටත් යන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මම හිතනවා අපරාධ නඩු පවරන්නත් පුළුවන් කියලා.. පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලඝනය කරන ඇතැම් නිලධාරීන්ට විරුද්ධව.”  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,109FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img