28.9 C
Colombo
Wednesday, September 10, 2025

මහජනතාවගේ ආදායමට වෙන්න යන දේ…

Published:

රටේ ජනතාවගේ අදායමෙන් 75%ක් ආහාර සඳහා වියදම් වන බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී අනාවරණය වී තිබේ.

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් පහෙන් එකක් පමණ බව එම කමිටුවේදී අනාවරණය වී ඇත.

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස්වූ අතර එහිදී මේ බව අනාවරණය වී තිබේ.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව, පොහොර අවශ්‍යතාවය, අස්වැන්නේ අඩුවීම, මන්දපෝෂණ තත්ත්වය සහ එයින් ඇතිවිය හැකි සමාජීය අතුරුඵල ආදිය පිළිබඳ විද්වත් අදහස් ලබාගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තීබූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

වසර දහයක පමණ කාලයක් සිට රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති බැවින් මෙම තත්ත්වය පිටුදැකීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ මධ්‍යකාලීන පියවර සම්බන්ධයෙන් ‍මෙහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

ආදායම් සහ ගෘහස්ථ වියදම් පිළිබඳ සමීක්ෂණයක් වහාම සිදුකරන ලෙස පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශයට එහිදී දැනුම් දී තිබේ.

ඊට අදාළ සමීක්ෂණය 2019න් පසු සිදු කොට නොමැති බැවින් එම සමීක්ෂණය මගින් මෙම ආර්ථික අර්බුදයේ සමාජීය ප්‍රතිඵල පිළිබඳ නිවැරදි තොරුතුරු ලැබෙන අතර එම තොරතුරු ඉදිරි වැඩපිළිවෙල සැකසීමේදී ඉතා වැදගත් වන බව මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත.

රට තුළ බදු වැඩි කිරීම් ආදී ක්‍රියාමාර්ග මගින් ආදායම් වැඩි කළද එහි අතුරු සමාජීය ප්‍රතිඵල ලෙස කර්මාන්ත පවත්වා ගැනීමේ ගැටලුව, රැකියා අහිමිවීම් සහ පෝෂණය තත්ත්වයන් පහත වැටීම වැනි කරුණු දැඩි බලපෑමක් එල්ල කර ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,134FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img