26.7 C
Colombo
Sunday, July 20, 2025

දුෂ්මන්ත චමීර ලෝක කුසලානයෙන් ඉවතට…

Published:

පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර හෙට දිනයේදී ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත අතර, ඔහුට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එමෙන්ම අද තරගයේදී වේග පන්දු ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ද ආබාධයට ලක්ව ඇති අතර ඔහුට එළඹෙන නෙදර්ලන්ත තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ ධනුෂ්ක ගුණතිලක ද ආබාධයකට ලක්ව ඇති අතර ඔහුද හෙට දිනයේදී ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බවයි ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර තීරණාත්මක නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් ලෙස ලහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දුට වගකීම් පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,340FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img