23.9 C
Colombo
Wednesday, November 26, 2025

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අභියෝගය…

Published:

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද UAE කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ සමඟ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

A කාණ්ඩය යටතේ අද පෙරවරුවේ පැවති තරගයෙන් නැමීබියාව පරාජය කරමින් කඩුළු 5ක ජයක් හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණි.

ඒ අනුව A කාණ්ඩයේ තරග 4ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්තය සමත්ව සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් එළඹෙන බ්‍රහස්පතින්දා නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය නියත වශයෙන් ම  ජයගත යුතු බව විචාරක මතයයි.

යම් හෙයකින් එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 12දෙනාගේ වටයට පිවිසිමේ අවස්ථාව අහිමි වන බවද ක්‍රිකට් විචාරකයින් වැඩිදුරටත් සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img