30.6 C
Colombo
Wednesday, September 10, 2025

ඉදිරියේ දී ගුරුවරු පත්වෙන ආකාරය…

Published:

ගුරුවරු බිහිකිරීමට ජාතික මට්ටමේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 “අපට ලොකු ඉල්ලීමක් තිබුණා විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට ගේන්නයි කියලා. දැන් ඒ සඳහා අවශ්‍ය මූලික සාකච්ඡාව මම අවසන් කළා. ඒ තොරතුරු කෙටුම්පත් කරන්නයි කියලා උපදෙස් දීලා තියෙනවා, අමාත්‍ය මණ්ඩල සංදේශයත් එක්ක. ගුරු වෘත්තිය සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් අපි බිහි කරනවා. ඒ බිහි කරනකොට ඔය කියන සංඛ්‍යාව ඔයිට වඩා විෂය වර්ගය අනුව අපිට වැඩි කරන්න වේවි.”

“එතකොට අපි අවුරුදු තුනක් න්‍යායාත්මක අධ්‍යයන පුහුණුව දීලා අවුරුද්දක් ගුරු පුහුණුව දෙනවා. අවුරුදු හතරකදී පන්ති කාමරයට එන්නේ ගුණාත්මක භාවයකින් යුතු ගුරුවරයෙක්. ඒ නිසා ඔය දුර්මත සලකන්න එපා. මම ඉතාම පැහැදිලිව කියනවා, ඉතා වෙහෙසකරව අපි කටයුතු කරගෙන යනවා, දිවා රෑ නොබලා මේ ගුරු විශ්වවිද්‍යාලය හදන්න.” 

“ගුරු අධ්‍යාපනඥ සේවයේ අයත් ඒකට එකතු කරනවා. ඒ දේශකයන් හැටියටයි. අපිට ගන්න වෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ තියෙන නිර්ණායකයන්. ඒ අනුව විශ්වවිද්‍යාලය හදනකොට අවුරුදු හතරේ පාඨමාලාව මගින් උපාධිධාරී පුහුණු ගුරුවරයෙක් තව අවුරුදු පහකදී පාසලට ලබාදෙන්න අපි සැලසුම් කරලා තියෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,109FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img