27.2 C
Colombo
Sunday, July 20, 2025

පාසල් දරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්…

Published:

අද මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන් ජයග්‍රහණය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ” එක්ව නැඟිටිමු ” යන මැයෙන් පොදුජන පෙරමුණ අද (16) නාවලපිටියේ පැවැත්වූ ජනහමුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ,

“අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා අවංකවම. හැබැයි අපිට වැරදුනා කියලා උඩපැනපු කවුරුත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා. පොදු එකඟතාවයකට එන්න කිව්වහම ඒක මඟහරිනවා. සමහරු ඉන්නවා අපිට දෝෂාරෝපණය කරන එක විතරයි කරන්නේ. ඒ අයට වගකීම් බෑ. ඔවුන් කැමති රට කරන්න නෙමෙයි. රට ගිනි තියන්න. ඒ නිසා ජනතාව උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන්න. අද අපි එද්දි පෙළපාලියක් තිබුණා. මම එන්න විනාඩි ගාණකට පෙර දී විසුරුවා හැරලා. මොකද්ද ඒකේ තේරුම. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ රටේ කොටසක් ඉන්නවා අපිට විරුද්ධව. අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා. ඒක තමා ඇත්ත. අද අපි රට වටේ යනවා. මේ තත්ත්වය ඉතාම පැහැදිලිව අපිට පේනවා. අපි එක්ව නැඟිටිමු කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,340FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img