24.5 C
Colombo
Wednesday, November 26, 2025

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකයි…

Published:

මෙරට ණය ප්‍රතිව්‍යුවහගතකරණය සම්බන්ධයෙන් පසුගිය දා චීන මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රතුමඩ වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර අමෙරිකාවේ වොෂිංටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළු පිරිස ඊයේ ප්‍රථම වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. එහිදී මෙරටට ණය ලබාදී ඇති ප්‍රධාන රටවල් 03 වන චීනය, ඉන්දියාව සහ ජපානය සමග මූලික සාකච්ඡා සිදුකර ඇති බවත්, ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ ගැටළුව කඩිනමින් විසඳීමටත්, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් රජය ප්‍රමුඛ අවධානයක් ලබාදී කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img