27.8 C
Colombo
Wednesday, September 10, 2025

අධික වැසි සහිත කාළගුණයෙන් දිස්ත්‍රික්ක 11ට බලපෑම්…

Published:

අධික වැසි සහිත කාළගුණයෙන් දිස්ත්‍රික්ක 11ට බලපෑම්.

දිස්ත්‍රික්ක 11කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 55,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 13,902කට අයත් පුද්ගලයින් 55,435 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවය.

පසුගිය දින කිහිපය තුළ පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල විය.

අධික වැසි  සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 06 සඳහා නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබේ.

වර්ෂාවත් සමග ගංගා කිහිපයක් පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟ ආශ්‍රිතව ඇතැම් ස්ථානවල සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර අත්තනගලු ඔය ද පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,999FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img