27.8 C
Colombo
Wednesday, September 10, 2025

ප්‍රදේශ කිහිපයකට ගංවතුර…

Published:

බියගම නුවරපාර පට්ටිවිල ප්‍රදේශයෙන් සුළු ගංවතුර අවදානමක් ඇතිවීම හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ පට්ටිවිල මංසන්ධියේ සිට බියගම හන්දිය දක්වා කිලෝමීටර් 2ක පමණ ප්‍රදේශයක ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවය.

ඒ අනුව බියගම නුවර පාර පට්ටිවිල ප්‍රදේශය පසුකර යන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම සිදුවී ඇති අතර මේ නිසා කැලණි ගඟ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ද ඇති වී තිබේ.

ඒ හේතුවෙන් 226 මල්වාන කොළඹ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

එමෙන්ම බැලුම්මහර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දක්වා දිවෙන නව නුවර පාර සියඹලාපේ හන්දිය ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් කුඩා වාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,999FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img