28.4 C
Colombo
Tuesday, September 9, 2025

අලුත්ම ජාවාරම – මෝටර් රථ…

Published:

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් සමඟ සැකකරුවෙකු වලාන දූෂණ මර්ධන ඒකකය සමත්ව තිබේ.

මිල අධික මෝටර් රථයක් අඩු මිලකට අලෙවි කිරීමට නියමිත බවට වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සැකකරු සැලසුම් කර ඇත්තේ ලක්ෂ 70ක් පමණ වටිනා මෝටර් රථය ලක්ෂ 25කට පමණ අලෙවි කිරීමටය.

ඒ අනුව වලාන දූෂණ මර්දන ඒකකය උපාය දූතයෙකු මාර්ගයෙන් මෝටර් රථය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නාරාහේන්පිට ප්‍රදේශයට ගෙන්වාගෙන ඇත.

අනතුරුව මෝටර් රථය වලාන දූෂණ මර්ධන ඒකකය භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් රථය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථයේ චැසි අංකය වෙනස් කර ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවය.

එසේම මෝටර් රථයට ව්‍යාජ අංක තහඩුවක් යොදා ඇති අතර එය කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මෝටර් රථයක අංක තහඩුවක් බවටද හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 22 හැවිරිදි වියේ පසුවෙයි.

අදාළ සැකකරු සතුව තවත් වාහන කිහිපයක් ඇති බවද පොලීසියට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,972FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img