24.5 C
Colombo
Wednesday, November 26, 2025

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්න වරෙන්තු…

Published:

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

අද (13) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා සිතාසි නිකුත් කර තිබුණි.

එහෙත් සනත් නිශාන්ත මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා වෙත එම වරෙන්තුව නිකුත් කර තිබේ.

මේ අවස්ථාව වනවිට සනත් නිශාන්ත මහතා අධිකරණයට පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img