30 C
Colombo
Tuesday, September 9, 2025

තිළිණි ප්‍රියමාලි තවම සැකකරුවෙක් පමණයි,බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක…

Published:

අත්අඩංගුවට ගන්නා කාන්තාවකට ශ්‍රී ලංකාව තුළ මාංචු පැළඳීමක් සිදු නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) මාංචු නොමැතිව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත පැමිණීම පිළිබඳව අදහස් දක්වමිනුයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව ප්‍රකාශ කළේ.

එසේම අද ඇය සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටීම ගැන ද සමාජයේ නොයෙකුත් චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ තිලිණි ප්‍රියමාලි තවමත් සැකකරුවෙක් පමණක් වීම ඇයට එවැනි ඇඳුමකින් සරසි සිටීමේ අයිතිය පවතින බවයි.

ඕනෑම පුද්ගලයෙකු මෙන්ම ඕනෑම කාන්තාවකට මෙම නීති දෙක පොදුවන අතර, සමාජයේ සාකච්ඡාවට බඳුන්වන අයුරින් තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් විශේෂ සැළකිල්ලක් දක්වා නොමැති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,953FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img