27.2 C
Colombo
Sunday, July 20, 2025

ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව…

Published:

ලන්ඩන් හි ”Condé Nast ට්‍රැවලර්” සඟරාව විසින් සිදුකළ ‘2022 රීඩර්ස් චොයිස්‘ පාඨක මත විමසුමට අනුව ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් අතර 9 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා කර තිබේ.

ශ්‍රී ලාංකික ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු පුද්ගලයින් අමුත්තන්ට ආදරය දක්වන සහ උපකාර කිරීමට අවංක ආශාවකින් යුක්ත පිරිසක් ලෙස ප්‍රකට බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ගාල්ල කොටුව, මිරිස්ස, සීගිරිය වැනි ආකර්ශණීය ස්ථාන රැසකින් සමන්විත වන බවය.

2022 වසරේ ලොව මිත්‍රශීලීම රටවල් අතර ප්‍රථම ස්ථානයට French Polynesia රාජ්‍යය පත්ව තිබේ.

‘Condé Nast ට්‍රැවලර්‘ සඟරාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ දෙවන ස්ථානයට කොළොම්බියාවත්, තෙවන ස්ථානයට නවසීලන්තයත් පත්ව ඇති බවය.

තායිලන්තය, කොස්ටාරිකා, බොට්ස්වානා, පේරු, Belize සහ පිලිපීනය ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ඇතුළත් සෙසු රටවල් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,340FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img