31.1 C
Colombo
Monday, September 8, 2025

මෙරට ආර්ථික අර්බුදය ගැන මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාවලිය සම්මතයි…

Published:

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවලිය සම්මත වී තිබෙනවා.

ඊට පක්ෂව ඡන්ද 20ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 07ක් පමණයි.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම මෙම යෝජනාවට අයත් වන අතර කරුණු 19 ක් ඊට ඇතුළත්

BBC පුවත් සේවය වාර්තා කර තිබුණේ යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් බවයි.

ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි යෝජනාවලියෙන් දැඩි අවදානයක් යොමු කර ඇති බවද සඳහන්.

ආර්ථික කඩා වැටීම හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එහි දැක්වෙනවා.

සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගී වූ පිරිස් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදුවූ මරණ, තුවාලවීම් හා දේපළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුකර ඇති බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, ජර්මනිය, මලාවි, උතුරු මැසඩෝනියාව සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් මේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම රටවල් යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවටයි.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳවද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,550FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img