27.8 C
Colombo
Tuesday, September 9, 2025

ඇමතිකම අතහරින්න සූදානම්, ඩයනා කියයි…

Published:

තමන් සංචාරක ප්‍රවර්ධන කටයුතුවලට අවශ්‍ය විෂය පථය වෙන්කර ලබා නොදෙන්නේ නම් තමන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. තමනට සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට සැලසුම් රැසක් ඇති බවද පවසන ඇය ඊට අදාළ බලතල බෙදා දීමක් සිදු කළ යුතු බවද සඳහන් කරයි. එසේ නොමැතිව මහජන මුදල් නාස්ති කිරීම සූදානමක් නැති බවද ඇය කියා සිටී.

තමන් රාජ්‍ය ඇමතිවරිය ලෙස පත්වී ගතවූ සති තුනක පමණ කාලයේ දී සංචාරක ආකර්ෂණය ඇති ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකා වල නිරත වු බවත් එම ප්‍රදේශ වල කිසිදු යටිතල පහසුකමක් ඉදි කර නැති බව හඳුනා ගත් බව ඇය තවදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img