27.8 C
Colombo
Tuesday, September 9, 2025

හිටි හැටියේ රළු වුණ මුහුද, ධීවරයින්ට අනතුරු අගවයි…

Published:

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළයෑමත් සමග මුහුද රළුවීමේ අවදානමක් පවතින බැවින් ඉදිරි පැය 24 තුළ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස එලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

අදාළ මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70 ත් දක්වා ඉහළ යාහැකි අතර මුහුදු රළ මීටර් තුනක් පමණ ඉහළ යාමේ අවදානම පවතින බැවින් මුහුදු ප්‍රදේශය රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතරව ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යාහැකි බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,908FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img