29.5 C
Colombo
Wednesday, September 3, 2025

අරගලයට සහය දෙනවා : මුදල් ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි – අමාත්‍ය ධම්මික පෙරේරා…

Published:

අරගලයට සහය දෙනවා : මුදල් ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි – අමාත්‍ය ධම්මික පෙරේරා…

 

ජන අරගලයට තමන් සහය පළ කරන බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කර සිටිනවා.

‘ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ව්‍යසනයකට සැලසුම් කර ඇති බවයි’ කොළඹ පැවති රැස්වීමකදී අමාත්‍ය ධම්මික පෙරේරා මෙහිදී කියා සිටියේ. එමෙන්ම වත්මන් ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයාට කිසිදු සැලසුමක් නොමැති බවද ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අභියෝග ඩොලර් අර්බුදය සමඟ සම්බන්ධ වී ඇති බවත් මුදල් අමාත්‍යවරයා මිතුරන්ගෙන් මුදල් ණයට ගැනීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

“රටට අවශ්‍ය මුදල් ගලාගෙන ඒමේ කිසිදු වැඩපිළිවලක් මුදල් අමාත්‍යවරයා සතු නොවන බවත්,  ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, හදිසි ණය ලබා ගැනීම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ණය ලබා ගැනීම සම්බන්ධ සියලු කරුණු මුදල් ඇමැතිවරයා ප්‍රමාද කළ බව පැවසූ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා, මේ හේතුවෙන් මුදල් අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවද කියා සිටියා.

මුදල් අමාත්‍යවරයාගේ උපදේශකයින් බවට කියා ගන්නා පිරිසක් සිටින බවත් තමන් ඔවුන් සමග ප්‍රසිද්ධ විවාදයකට ද සුදානම් බව මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,500FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img