30 C
Colombo
Wednesday, September 3, 2025

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට අදාළ පියවරක් තාවකාලිකව අත්හිටුවයි…

Published:

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට අදාළ පියවරක් තාවකාලිකව අත්හිටුවයි…

ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම 2022/05/20 වන දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ බව දැනුම්දෙයි.

මෙම පාසල් නිවාඩු කාලය අවසන් වනවිට මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මහජනතාව දැනුවත් කරන බවද එම  අමාත්‍යාංශය පැවසීය.

අදාළ තීරණය ගනු ලැබූවේ අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී නව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩ ආරම්භ කිරීමෙන් පසු නිලධරීන් සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුවය.

සුසිල් ප්‍රේමජයන්ත් මහතා නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,496FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img