24.5 C
Colombo
Wednesday, November 26, 2025

අන්තරේ උද්ඝෝෂණය ගැන පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි…

Published:

අන්තරේ උද්ඝෝෂණය ගැන පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි…

පාර්ලිමේන්තුවට ප්‍රවේශය වන පොල්දූව මංසන්ධියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

වැලිකඩ පොලීසිය විසින් එම ඉල්ලීම ඉදිරිපත් කළේය.

පොලිසිය සඳහන් කළේ, අදාළ උද්ඝෝෂණය හේතුවෙන් මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවට ප්‍රවේශවීමට තිබෙන අවස්ථාව අවහිර වන බවය.

ඒ තුළින් ඔවුන්ගේ වරප්‍රසාද කඩවීමක් සිදුවන බවත් එබැවින් අදාළ උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

එම ස්ථානයේ යම් සාමය කඩවීමේ සිද්ධියක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කටයුතු කිරීමට පොලීසියට හැකියාව පවතින බවද එහිදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img