28.4 C
Colombo
Sunday, July 6, 2025

ඩොලර් හිඟය උග්‍ර වෙයි – සංචාරකයින්ගේ පැමිණීම අඩු වෙයි…

Published:

ඩොලර් හිඟය උග්‍ර වෙයි – සංචාරකයින්ගේ පැමිණීම අඩු වෙයි…

මෙරටට විදෙස් සංචාරකයින් පැමිණීම සැලකිය යුතු ලෙස අඩුවෙමින් තිබෙනවා. ඒ, රට ඩොලර් සොයා ගැනීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක සිටින පසුබිමකයි. පාස්කු ප්‍රහාරය, කොරෝනා අර්බුදය මෙන්ම පසුව ඇතිවූ ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයට එල්ල වූයේ දැඩි බලපෑමක්.

ජනවාරි මස මුල් භාගයේදී යලි හිස ඔසවමින් තිබූ මෙරට සංචාරක කර්මාන්තයට මේ වන විට මරු පහරක් එල්ලවී ඇත්තේ රට තුළ පවතින විරෝධතා, උද්ඝෝෂණ මෙන්ම දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන්.

2019 වසරේ මෙරටට සංචාරකයින් 19 ලක්ෂ 13,702 දෙනෙකු පැමිණ තිබුණා. එහෙත් 2021 වසරේදී එය එක් ලක්ෂ 94,495 ක් දක්වා පහත වැටුණේ මෙරට ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල කරමින්. සංචාරක කර්මාන්තය යලි පිබිදීමත් සමඟ මේ වසරේ ඉකුත් මාස 04 දී පමණක් මෙරටට සංචාරකයින් තුන් ලක්ෂ 48,314 දෙනෙකු පැමිණ තිබුණත් මේ වන විටත් එය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img