27.2 C
Colombo
Friday, August 22, 2025

නව අගමැති වැඩ භාර ගනියි : ඉන්දියාවෙන් පොහොර – අමෙරිකාවෙන් ඖෂධ නැවක්…

Published:

නව අගමැති වැඩ භාර ගනියි : ඉන්දියාවෙන් පොහොර – අමෙරිකාවෙන් ඖෂධ නැවක්…

අඛණ්ඩව ඉහළ ගිය අමෙරිකානු ඩොලරයේ අගය අද පහළ ගියා.

මෙරට ප්‍රධාන පෙලේ බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් කර තිබුණේ රුපියල් 365 ක් ලෙසයි. ඒ, ඊයේ දිනයේ එහි අගය රුපියල් 380 ක් ලෙස සටහන් කර තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.

එක් රාජ්‍ය බැංකුවක් අද ඩොලරයේ අගය සටහන් කර තිබුණේ රුපියල් 364 යි ශත 96 ක් ලෙසයි.

මේ අතර අද දින කොටස් වෙළඳපොල ගණුදෙනු ආරම්භ කර කෙටි වේලාවක් තුළ එහි ගණුදෙනු සීඝ්‍රයෙන් ඉහළ ගියා. පළමු විනාඩි 10 තුළ එහි කොටස් අගය 252 කින් ඉහළ යාම විශේෂත්වයක්.

මේ අතර දැනට පවතින ණය පහසුකම යටතේ යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා වහාම ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව යල කන්නයේ වී වගාව සඳහා ඉන්දීය රජය ලබාදීමට එකඟ වී ඇති සම්පූර්ණ යූරියා තොගය මෙටිට්‍රික් ටොන් 65,000 ක්.

එමෙන්ම හදිසි ඖෂධ අඩංගු නෞකාවක් මෙරටට එවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවටද වාර්තා වනවා.

මේ අතර ඊයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළා. ඒ, මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img