25 C
Colombo
Wednesday, November 26, 2025

ඇඳිරි නීතිය ගැන නවතම නිවේදනය…

Published:

ඇඳිරි නීතිය ගැන නවතම නිවේදනය…

අද රාත්‍රී 7.00 සිට බලපැවැත්වෙන පරිදි පැනවු දීප ව්‍යාප්ත ඇඳිරි නීතිය හෙට උදෑසන 7.00 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එම නිවේදනය පහතින් :

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ.

බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රධානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,474FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img