30 C
Colombo
Saturday, January 17, 2026

සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම්ද… ?

Published:

සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම්ද… ?

සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමාකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.

ඒ අනුව ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ, සුවඳ විලවුන් හා අලේපන ආදී භාණ්ඩ ගණනාවක ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් වුයේ.

මෙරට තුළ විනිමය සංචිතය ශක්තිමත්වීමෙන් අනතුරුව එම සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කෙරෙණු ඇති බවද එහිදී වාර්තා වී තිබුණා.

කෙසේවෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම මාධ්‍ය වාර්තා පදනම් විරහිත බවයි.

මේ අතර රටෙහි වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට (05) මුදල් රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img