27.8 C
Colombo
Friday, August 29, 2025

කෝටි 60ක මත්ද්‍රව්‍ය තොගයක් සමග ධිවර යාත්‍රාවක් මිගමුව මුහුදේදී අත්අඩංගුවට (VIDEO)

Published:

කෝටි 60ක මත්ද්‍රව්‍ය තොගයක් සමග ධිවර යාත්‍රාවක් මිගමුව මුහුදේදී අත්අඩංගුවට (VIDEO)

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ රජයේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මුහුදු මාර්ගයෙන් සිදු වන මත් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුර සංචාර වැඩි කර දැඩි අවධානයෙන් මුර සංචාර සිදු කරනු ලබයි.

ඒ අනුව, පසුගිය දා ගාල්ල දොඩංන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ අතර, එලෙසින්ම බටහිර නාවික විධානය විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එහි උර 09 ක ප්ලාස්ටික් ඇසුරුම් හා පැකට් වශයෙන් සූක්‍ෂමව අසුරා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 60 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

සියළුම බුදිධි සේවාවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ සහයෝගීත්වයෙන් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේද සහය හිමිව ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img