27.8 C
Colombo
Thursday, August 28, 2025

මෙරට අහසේ උල්කාපාත සංදර්ශනයක් අද සිට…

Published:

මෙරට අහසේ උල්කාපාත සංදර්ශනයක් අද සිට…

අහසේ සිදුවන දුර්ලභ දසුනක් දැක බලා ගැනීමට අද සිට මෙරට ජනතාවට අවස්ථාව උදාවනවා. ඒ, සකී‍්‍රය වී ඇති ’’ජෙමිනිඞ්’’ උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව අද සිට දින 03 ක් පැවතීම හේතුවෙන්. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජේ්‍යෂ්ඨ තාරක පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ පැවසුවේ පැහැදිලි අහසක් පවතින්නේනම් මෙම උල්කාපාත වර්ෂාව සුපැහැදිලිව දැක ගැනීමට මෙරට ජනතාවට හැකි බවයි.

මේදිනවල සඳ නොමැති අහසක් ඇති බැවින් එය ද මෙම උල්කාපාත වර්ෂාව පියවි ඇසින් වඩාත් හොදීන් නැරඹීමට පහසුවක් බව ජේ්‍යෂ්ඨ තාරක පර්යේෂණ විiාඥ ඉන්දික මැදගන්ගොඩ පැවසුවා.

මේ අතර බ‍්‍රහස්පති සහ සෙනසුරු යන ග‍්‍රහලෝක දෙක ඉතා ආසන්නයේ පිහිටන ඉතා දුර්ලභ අවස්ථාවක් ද ලබන 21 වනදා උදා වනවා. තාරකා විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි සංසිද්ධියක් සිදුවන්නේ වසර 397කට පසු පළමුවරට බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img