30 C
Colombo
Thursday, August 28, 2025

අයවැය හෙට පාර්ලිමේන්තුවට…

Published:

අයවැය හෙට පාර්ලිමේන්තුවට…

2021 වර්ෂයට අදාළ අයවැය ලේඛනය දෙවනවර කියවීම සඳහා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. ඒ අනුව අග‍්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

2021 විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වනදා ගැසට් පත‍්‍රයේ පළ කෙරුණු අතර පසුව එය ඔක්තෝබර් 20 වැනිදා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හෙට පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අනතුරුව අග‍්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප‍්‍රකාශය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එය සැලකෙන්නේ මෙරට 75 වැනි අයවැය වාර්තාව ලෙසයි. අග‍්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා සිට 21 වනදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනවා.

අයවැය දෙවනවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 21 වනදා පස්වරු 5.00ටයි. ලබන 18 වනදා සිට 20 වනදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර දෙසැම්බර් 10 වනදා පස්වරු 5.00ට එහි ඡුන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

අයවැය ප‍්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට දිනයේ සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාලසීමාව තුළ සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.

හෙට දිනයේ විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යාංශයේ අවසරලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර අයවැය ප‍්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධානයන්ට යටත්ව ආසන පනවා තිබෙනවා.

එමෙන්ම මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇති. අයවැය ප‍්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප‍්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග‍්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,460FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img