26 C
Colombo
Friday, October 17, 2025

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොරෝනා රෝගීන් 22ක් : මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට…

Published:

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොරෝනා රෝගීන් 22ක් : මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට…

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ අද දින සවස 5.30 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22ක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 39 ක් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මිගාර ඈපා පවසනවා.

එමෙන්ම අද දිනය වන විට කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් 1119 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ.

කටුනායක, සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 45 දෙනෙකු අද දිනය වනවිට වාර්තා වන බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර සඳහන් කළා.

එම රෝගීන් අතර සීදුව, කටුනායක, ඇවරිවත්ත, ආඩිඅම්බලම, හීනටියන ආදී ප්‍රදේශ වල පදිංචිකරුවන් සිටින බවත් ඔවුන් අතරින් වැඩි පිරිසක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවය කරන්නන් බව කටුනායක, සිදුව කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,275FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img