27.8 C
Colombo
Friday, August 29, 2025

විපක්ෂයේ විරෝධතා මැද ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි…( VIDEO )

Published:

මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා වික්ෂයේ විරෝධය මැද පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නේ ය…( VIDEO )

2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරවාරයේ කහවත්තේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට මේ වනවිට මරණ දඬුවම නියම වී තිබේ.

නමුත් ජයසේකර මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමකට අදාළව නිකුත් කළ අතුරු නියෝගයකින් ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමේ අවස්ථාව ලැබුණි.

ඒ අනුව අද පෙරවරුවේ ජයසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේදීය.

පස්වරු 1.00 ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු දිවුරුම් දුන් අතර එහිදී විපක්ෂයෙන් පලවූයේ දැඩි විරෝධයක් ය.

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු අද කළු පැහැති සාටක ද පැළඳ සභාවට පැමිණ සිටිය හ.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීමේ ක්‍රියාවළිය පිළිබඳව විරෝධය දක්වමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද පස්වරුවේ පාර්ලිමේන්තු සභාවෙන් පිටව ගියේ ය.

සමගි ජන බලවේගය මතු කළ ඇතැම් කරුණු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පසුව ආණ්ඩු පක්ෂය ඉල්ලීමක් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,463FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img