25 C
Colombo
Thursday, August 28, 2025

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්…

Published:

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්…

20වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය අද නිකුත් කෙරිණි. මේ එහි අඩංගු විශේෂ කරුණු කිහිපයකි.

19න් ඉතිරිවූ කරුණු:

තොරතුරු දැන ගැනීමේ අයිතිය
ජනාධිපතිවරයාට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට තරඟ කළ නොහැකි වීම
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 05කට සීමා කිරීම

එම කරුණු පමණක් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති අතර අනෙකුත් කරුණු සියල්ලම අහෝසි කර තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර ඔවුන්ට ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්කිරීමට ඇති අයිතිය ද අහෝසි වේ.

අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට වසර 4 1/2 යනතුරු නොහැකිය යන වගන්තිය ඉවත් වී පාර්ලිමේන්තුව වසරක් ගතවූ පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට යළි අවස්ථාව හිමිවේ.

අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස් මත සිදුකළ යුතු යන වගන්තිය ද අහෝසි වේ.

අමාත්‍ය මණ්ඩලය 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 සීමාව ඉක්මවා නොයා යුතුයි යන වගන්තිය ද ඉවත් වේ.

ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ නොහැක යන වගන්තිය ද මේ යටතේ අහෝසි වන තවත් වැදගත් කරුණකි.

ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉවත් කිරීමටත්, ඔවුන් සතු විෂයන් සහ අමාත්‍යාංශ තමා යටතේ තබා ගැනීමටත්, 20 වන සංශෝධන පනත් කෙටුම්පතෙන් යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාට යම් විෂයන් හෝ කාර්යයන් තමා යටතේ තබා ගැනීමට ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් යළි අවස්ථාව ලබාදී තිබේ.

ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනා පත් කිරීමටත්, ඉන් එක් අයෙකු සභාපතිවරයා ලෙස පත්කිරීමටත් වගකීම පැවරී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img