25 C
Colombo
Thursday, August 28, 2025

ප්‍රති සබ්මැරීන් යුධ නෞකා දෙකක් ඇතුළු රුසියානු යුධ නෞකා 03ක් හම්බන්තොට වරායට (PHOTOS)

Published:

ප්‍රති සබ්මැරීන් යුධ නෞකා දෙකක් ඇතුළු රුසියානු යුධ නෞකා 03ක් හම්බන්තොට වරායට (PHOTOS)

රුසියානු සමූහාණ්ඩුවට අයත් යුධ නෞකා තුනක් හම්බන්තොට වරායට සේන්දු වී තිබෙනවා. “අද්මිරාල් ට්‍රිබක්” සහ ” අද්මිරාල් විනොග්‍රදොව්” යන ප්‍රති සබ්මැරීන යුධ ‍නෞකා ද්විත්වය සහ “බොරිස් බුටෝමා” යන සැපයුම් නෞකාව ඊයේ සවස හම්බන්තොට වරායට සේන්දු වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සැපයුම් අවශ්‍යතා සඳහා සහ කාර්යමණ්ඩල විවේකය සඳහා හම්බන්තොට වරායට සේන්දු වූ මෙම නෞකාවන් හා සම්බන්ධ කටයුතු පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුව එම අපේක්‍ෂිත කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

තවද මෙලෙස දිවයිනට සේන්දු වූ නෞකාවන් ත්‍රිත්වය එළඹෙන සැප්තැම්බර් 03 වන දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.

       

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img