25 C
Colombo
Thursday, August 28, 2025

චොකා මල්ලිට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි…

Published:

චොකා මල්ලිට පාර්ලිමේන්තු වරම් අහිමි වෙයි…

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට දැනුම් දී තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

අදාළ දැනුම්දීම අධිකරණ අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ද යොමු කළ බවයි වාර්තා වන්නේ.

2015 දී සිදුවු මිනීමැරුම් සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණයට විසින් ප්‍රේමලාල් ජයසේකරට පසුගිය දා මරණ දඬුවම නියම කළා.

කෙසේ වෙතත්, ඔහු මෙවර මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට වැඩිම මනාප ලබා ගනිමින් ජයග්‍රහණ කරනු ලැබුවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට කැඳවන ලෙසයි.

ඒ, තමාට හිමිව ඇති මරණ දඩුවම සම්බන්ධව ඔහු අභියාචනයක් ඉදරිපත් කර තිබීම හේතුවෙන්.

ඒ අනුව, පසුගිය සිකුරාදා කථානායකවරයා මේ සම්බනධයෙන් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එම නිවේදනයේ සඳහන් වූයේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන ඒම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img