26.7 C
Colombo
Wednesday, August 27, 2025

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක්…

Published:

ඇමති මණ්ඩලය නම් කිරීමට පෙර පැවරෙන වගකීම් ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි : අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශද ඊට ඇතුලත් වනවා.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ක්‍රීඩා යන කේෂ්ත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ඇත.

එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන කේෂ්ත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.

සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිතුමා හමුවේ දිවුරුම් දීමට නියමිතව ඇත.

එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වේ:

http://documents.gov.lk/files/egz/2020/8/2187-27_S.pdf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,442FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img